Friday, September 20, 2024

General line - 0115112241

පාලන මිළත් සමග රටපුරා සහල් හිගයක්




සහල් සදහා උපරිම මිළක් නියම කිරීමත් සමග රටපුරා බොහෝ ප්‍රදේශවල සහල් හිගයක් ඇති වී තිඛෙනවා.

නෙත් නිවුස් කළ වෙළද පොළ චාරිකාවකදීයි මේ බව නිරීක‍ෂණය වුණේ.

මේ නෙත් නිවුස් දඹුල්ල වව්නියාව ගාල්ල මාතර දිස්ත්‍රික්කයන්හි අපගේ වාර්තාකරුවන් පැවසුවේ බොහොමයක් තැන්වල පාලන මිලට වඩා ඉහළ මිලකට සහල් අලවි වන බවත් සහල් හිඟයක් පවතින බව දක්නට ලැබෙන බවය

රජය විසින් සහල් සදහා නියම කෙරුණු උපරිම මිළ සම්බා සදහා කිලෝග්‍රෑම් එකකට රුපියල් 80 ක්.

නාඩු සහල් සදහා රුපියල් 72 ක්ද කැකුළු සහල් සදහා රුපියල් 70 ක් ලෙසද උපරිම මිළ නියම කර තිඛෙනවා.

මේ අතර සහල් මිළ පාලනය සදහා සහල් ආනයනය කිරීමට රජය ලබාදුන් අවස්ථාවෙන් ඇතැම් පිරිස් අයථා වාසි ලබාගන්නා බවයි පොළොන්නරුව සුළු හා මධ්‍ය පාරිමාණ සහල් මෝල් හිමියන් පවසන්නේ.

ආනයනය කරන සහල් ශ්‍රී ලංකාවේ සහල් ලෙස වැඩි මිලට අළෙවි කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සහල් ආනයනය පෞද්ගලික අංශය හරහා සිදු නොකර රජය හරහා සිදුකළේ නම් මෙවැනි අක්‍රමිකතා වළක්වා ගත හැකිව තිබූ බවයි පොළොන්නරුව සුළු හා මධ්‍ය පාරිමාණ සහල් මෝල් හිමියන් මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.