Friday, September 20, 2024

General line - 0115112241

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ජනමත විචාරණයක්




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බව සභානායක අමාත්‍ය ලක‍ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද කියා සිටියා.

ඒ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව විදේශ අමාත්‍ය මංගල සමරවීර විදෙස් මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී්‍ර විමල් වීරවංශ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ජනමත විචාරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේද සහාය ලබාගන්නා බව අමාත්‍ය ලක‍ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් පැවසුවා.