Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් ගැටළුව විසඳන්න ජනපති මැදිහත්වෙයි




සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලූවේදී අපක්ෂපාතීව හා මධ්‍යස්ථව කටයුතු කරමින් සැමට සාධාරණය ඉටුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සයිටම් හේතුවෙන් කිසිදු වෛද්‍ය පීඨ සිසුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ, තලවකැලේ ප‍්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින්.

සයිටම් ගැටලූවට සම්බන්ධ පාර්ශ්ව සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් එකිනෙකාට අවශ්‍ය ලෙස හැසිරවීමට ඉඩ දිය නොහැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.