ගිනි පොලීකරුවන්ගෙන් අඩු ආදායම්ලාභී ජනතාව මුදවාගැනීම සඳහා සුළු පොලියක් යටතේ ඔවුන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහනක් සමෘද්ධි බැංකු හරහා කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය එස්.බී. දිසානායක ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, දිවිනැගුම සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “අද ගම්මාන සම්පූර්ණයෙන්ම ගිනි පොළීකාරයෝ වෙලාගෙන ඉන්නේ. දැනට අපි අධ්‍යනය කරලා තියෙනවා.. මේ සියලු දෙනාගෙම පොළිය සියයට 60 ට වැඩියි. දවසට සියයට 05 ට ණය දෙන මේ ගිනි පොළීකාරයෝ දුප්පත් මනුස්සයා අතර ඉතා ජනප්‍රියයි. ඉතින් අපි තීරණය කළා මේ විදිහට සියයට 05 ට පොළියට ගන්න මිනිස්සුන්ට සියයට කාලට දවසට පොළිය දෙන වැඩසටහනක් අරඹන්න. අපේ බැංකුව හරහා දැන් එම කටයුතු කරගෙන යනවා.” යනුවෙනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ වන නියෝග කිහිපයක් ද ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.
එහිදී වැඩි අවධානයක් යොමු වුණේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳවයි.
එම තොරතුරු ඇසුරෙන් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.