ජනතා සේවය ඉටු කිරීමේදී බෙදී වෙන් නොවී රට වෙනුවෙන් වූ සාමූහික වගකීම ඉටුකරන ලෙස සෑම දේශපාලනඥයෙකුගෙන්ම තමා ඉල්ලා සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
රටේ සංවර්ධන වැඩපිළිවෙලේදී සහ රට වෙනුවෙන් වූ වැඩපිළිවෙලේදී බෙදීම සහ වෙන්වීම සුදුසු නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඒ, ඊයේ (09) පස්වරුවේ කොටගල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
රජයක් ලෙස කටයුතු කිරීමේදී සෑම පුරවැසියෙකු දෙසම බලන්නේ එකම අයුරින් බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
ජනතාව දිළිඳුකමින් නිදහස් කරගනිමින් ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් උදාකර දීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.