Sunday, December 22, 2024

General line - 0115112241

හිටපු මහබැංකු අධිපති ගැන තවත් පරීක්ෂණයක්




අභ්‍යන්තර විගණන වාර්තාවෙන් නගා ඇති මුදල් අවභාවිතාවට අදාළ චෝදනා පිළිබඳවද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පෙන්වා දෙන්නේ අදාළ විගණන වාර්තාවේ මුදල් අක‍්‍රමිකතා පිළිබඳ සිද්ධීන් 163ක් ඇතුළත් බවයි. එමගින් හිටපු මහබැංකු අධිපතිවරයා රජයට සිදුකර ඇති පාඩුව රුපියල් හය කෝටි හැට දෙලක්ෂයකට අධික බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

හිටපු මහබැංකු අධිපතිවරයා සිදුකළ පෞද්ගලික ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු එම අභ්‍යන්තර විගණන වාර්තාවේ ඇතුළත් වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ ඊයේ (09) කැඳවූ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ කෙරුණා. එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර සඳහන් කළේ ඔහු විසින් මූල්‍ය රෙගුලාසි උල්ලංගණය කර ඇති බවයි.