Sunday, December 8, 2024

General line - 0115112241

ගොවියෝ කොළඹ එනවලු




නියඟය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට අක්කරයකට රුපියල් පනස්දහස බැගින් වන්දි ලබාදෙන්නැයි ඉල්ලා දැවැන්ත ගොවි විරෝධතාවක් අඛණ්ඩව සිදුකිරීමට සූදානම් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි සභාපති නාමල් කරුණාරත්න පැවසුවේ ලබන සතියේ ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් කොළඹදී විරෝධතාවක් සංවිධාන කර ඇති බවයි.

වගා හානි වූ ගොවීන්ට මෙතෙක් කිසිඳු සහනයක් ලැබී නොමැති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර පැවසුවේ.

ගොවීන්ට වන්දි ලබාදෙන්නැයි රජයට බලකරමින් ඊයේ (09) දිනයේ ද ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.