Monday, December 9, 2024

General line - 0115112241

කොළඹ ඩී.එස් විද්‍යාලයේදී රටේ පාසල් ගැන ජනපති නිලධාරීන්ට කියා දෙයි (PHOTOS)




අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් වැයකරන ආකාරය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට වසරක් 50ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “පාසල් දහයකට ගියොත් අටකම වැසිකිළි කැසිකිළි අඩුපාඩුකම් තියෙනවා. ඊළඟට පානීය ජල අඩුපාඩුකම් සහ මේස පුටු අඩුපාඩු. මම පාසලකට ගියාම ඒකේ දරුවන් සමග කතා කරනවා. මොනාද තියෙන ගැටලු කියලා ඇහුවාම..ඔවුන් කියන්නේ ඔය වගේ දේවල් තමයි. ඒ නිසා වෙන් කරන මුදල්වල ප්‍රමුඛතාවය නිලධාරීන්ට හඳුන්වාදීම ඉතා වැදගත්.” යනුවෙනි.

කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයට අදට (10) වසර 50ක් සපිරෙනවා.

50 වන සැමරුම වෙනුවෙන් සර්වරාත‍්‍රික පරිත‍්‍රාන ධර්ම දේශනයක් හා පනස්නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් ද සිදුකිරීමටයි ඩී.එස්. සේනානායක විද්‍යාලය කටයුතු යොදා ඇත්තේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16