දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණයේ සේවක උපවාසය තවදුරටත් ක්රියාත්මක වනවා. දින හතරක සිට එම සේවකයින් උපවාසයක නිරත වන්නේ තමන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ස්ථීර සේවකයින් ලෙස බඳවා ගන්නා ලෙස ඉල්ලමින්. එසේ නොවන්නේ නම් සේවයෙන් ඉවත් කර සුදුසු වන්දියක් ලබාදෙන ලෙසද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර මෙම උපවාසයට සහය දැක්වීම සඳහා අදාළ සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ක්රීඩාංගණයෙන් පිටත රැස්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.