Saturday, April 27, 2024

General line - 0115112241

තුර්කි හමුදාවේ 3000 කට වැඩි පිරිසක් අත්අඩංගුවේ




තුර්කියේ හමුදා කුමන්ත‍්‍රණයකට සම්බන්ධ වූ බව කියන හමුදා භටයන් තුන්දහසකට වැඩි පිරිසක් මේ වන අත්අඩංගුවට ගෙන ඇතැයි බී.බී.සී. ලෝක සේවය පවසනවා.

එරට යුද හමුදාපති ජෙනරාල් උමිත් ඩන්දාර් උපුටා දක්වමින් බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ ගත වූ පැය 24 තුළ සිදු කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මේ වන විට තුර්කියේ පාලන බලය සම්පූර්ණයෙන්ම යළි රජය භාරයට ගෙන තිබෙනවා. තුර්කියේ නගර රැසක ජනතාව පොදු ස්ථානවලට රැස්ව පී‍්‍රති ඝෝෂා පවත්වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.