එළුඟ තමිල් හෙවත් දෙමළ ජනතාවනි නැගිටිවු යන මැයෙන් සංවිධාන කළ මහජන රැළියක් මඩකලපුවේ දී අද (10) පැවැත්වුණා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළිය සංවිධාන කර තිබුණේ ද්‍රවිඩ ජන සංසදය මගින්.
විරෝධතාවයේ දී අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේ 2016 වසර තුළ ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට රජය පොරොන්දු වුවද මෙතෙක් එය ඉටුව නොමැති බවයි. දෙමළ ජනතාවගේ ගැටළුවලට දේශපාලන විසඳුමක් ලබාදෙන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් එම ජනතාව නොමග යවා ඇති බව ද සී වී විග්නේෂ්වරන් එහිදී සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අයිතීන් දින ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව තවදුරටත් කටයුතු කරන බවයි.
මඩකලපුවේ පැවති මෙම එළුඟ තමිල් රැළියට දෙමළ දේශපාලඥයින් සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරමින් දෙමළ ජනතාව විශාල පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.