සයිටම් ආයතනය සම්බන්ධයෙන් සියලූම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමග ලබන බදාදා සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
වර්තමාන ගැටලූව නිරාකරණය කිරීම සඳහා වූ පීඨාධිපතිවරුන් සකස් කළ යෝජනාවලියක් ද තමා වෙත ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
සයිටම් ආයතනය සමග කිිසිදු පෞද්ගලික ගනුදෙනුවක් තමාට නොමැති බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ, වෛද්‍යවරුන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දීයි.
සයිටම් ආයතනය පිළිබඳ තමන්ට ඇත්තේ ප‍්‍රතිපත්තිමය කරුණක් පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.