මුලතිව් කේප්පාපිලව් ප්රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම වෙනුවෙන් මැදිහත් වන බව උතුරු පළාත් සභාව පවසනවා.
එහි සභාපති සී. වී. කේ. ශිවඥාණම් සඳහන් කළේ කේප්පාපිලව් වැසියන්ට සිය ඉඩම් අයිතිය ලබාදීම සඳහා උපරිම පියවර ගන්නා බවයි.
මුලතිව් ගුවන් හමුදා කඳවුරු සීමාවේ පිහිටි සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා මුලතිව් කේප්පාපිලව් වැසියන් ආරම්භ කළ විරෝධතාව 13 වන දිනටත් ඊයේ ක්රියාත්මක වුණා.
විරෝධතාකරුවන් මුණගැසීම සඳහා උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥාණම් ඊයේ පස්වරුවේ පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දෙමළ දේශපාලනඥයින් රැසක් ද එම අවස්ථාවට එක්වුණා.