Sunday, December 22, 2024

General line - 0115112241

වැඩි වේගයෙන් යන්න ත්‍රීරෝද රථ රියදුරෝ අවසර ඉල්ලති 




ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් දැනට නිකුත් වී ඇති ගැසට් නිවේදනයේ ඇතුළත් කරුණු දෙකක් සංශෝධනය කරන ලෙස ත්‍රීරෝද රථ සංගම් ඉල්ලීමක් කරනවා. 

දැනට නියමිත වේග සීමාව වෙනස් කිරීමේ ඉල්ලීම ද ඒ අතර වනවා.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ මාර්ග ආරක්ෂාව පිළිබඳ  ජාතික සභාවෙන්. 

ඒ අනුව මෙම කරුණු දෙක සම්බන්ධයෙන් මේ වනවිට යළි සලකා බලමින් සිටින බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ත්‍රීරෝද රථවල සවි කරන මීටර්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ වැඩිදුරටත් කියා සිටියේ.