රජය විසින් රුපියල් මිලියන 3000 ක වියදමකින් ඉදි කරන ලද අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඉදි කිරීමේ සියලු කටයුතු මේ වනවිට මුලුමනින්ම අවසන් කර තිබෙනවා.
මෙම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර නිරත වුණා.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරය සියලු පහසුකම්වලින් සමන්විත බන්ධනාගාරයක් වන අතර මානව හිමිකම්වලට අනුව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බන්ධනාගාරය ද වනවා. අංග සම්පුර්ණ ක්‍රීඩාගාරයක් හා ක්‍රීඩා පිට්ටනියකින්ද සමන්විත මෙම බන්ධනාගාරය තංගල්ල බන්ධනාගාරය වෙනුවට ඉදි කරන ලද බන්ධනාගාරයක් වනවා.
ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයින් බන්ධනාගාරගත කළ ද මෙතෙක් ඔවුන්ට බන්ධනාගාරවල දී ලැබුනේ අවම පහසුකම් වන අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බන්ධනාගායක් ඉදි කළ ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වෙයි.
අක්කර 58 ක භූමි ප්‍රමාණයක් තුළ ඉදිකෙරුණු අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැඩ ආරම්භ කෙරුණේ 2014 මැයි 16දායි. මෙහි රැඳවියන් 2000 ක් පමණ රඳවා තැබීමට හැකියි.
නව බන්ධනාගාරයට බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, කර්මාන්ත සඳහා වෙනම ගොඩනැඟිල්ලක්, නිලධාරීන් සඳහා නිලනිවාස 140 ක් සහ තනිකඩ නිලනිවාසද ඇතුළත් වනවා. තවද මීටර් 4000 ක ධාවනපථයක්, මීටර් 25 කින් යුත් පුළුල් නාන තටාකයක් ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සහ බන්ධනාගාර නිෂ්පාදන වෙළෙඳ සංකීර්ණයකින්ද යුතුයි.
(එම ඡායාරූප පහතින් දැක්වෙයි)