දේශපාලනය පසෙකින් තබා මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයේන දැඩි ක‍්‍රියා මාර්ගයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.
කොළොන්නාවේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "අපි ඉවසලා..ඉවසලා..රතු කට්ට පැනලත්..සෑහෙන්න දුර ගිහිල්ලා තියෙන්නේ. තව ඉවසන්න බැහැ. අනිවාර්යයෙන්ම දේශපාලනය පැත්තකින් තියලා දැඩි තීන්දුවකට යනවා. කොළොන්නාවේ ජනතාවට නිදහසේ හුස්ම ටිකක් ගන්න බැහැ. කොළඹ කුණු ඔක්කොම මෙතනට ගෙනල්ලා දානවා." යනුවෙනි.