හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු යුද හමුදා ප‍්‍ර‍්‍රධානීන් කිහිප දෙනෙකු අද (13) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.
ඒ, ඇවන්ට්ගාඞ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යමින් රජයට රුපියල් බිලියන 11ක පාඩුවක් සිදු කළ බව පවසමින් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවට අදාළවයි.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව, සෝමතිලක දිසානායක, ජයන්ත කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන හිටපු නාවික හමුදාපතිවරුන්ද අධිකරණය හමුවේ පෙනී සිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ඊට අමතරව විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු ද අදාළ නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනි සිටියා. එමෙන්ම ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිද ඒ අතර වුණා.
නඩුවට අදාළව පැමිණිලි පාර්ශවයේ සහ විත්ති පාර්ශවයේ මූලික විරෝධතාවල ලිඛිත දේශන මාර්තු මස 15 වැනි දින අධිකරණයේදී ගොනු කරන ලෙස මෙහිදී නියෝග කෙරුණා.