Sunday, December 22, 2024

General line - 0115112241

සයිටම් නඩු තීන්දුව වෙනස් වුණේ ඇමති නිසාලු




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලැබුණු නඩු තීන්දුව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය ඍජුව බලපා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මේ බව කියා සිටියා. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය සේවයේ ගුණාත්මකභාවය රැකගන්න එය අධීක්ෂණය කරන විද්වත් කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අනුමත කරලා නැහැ. ඒ කාරණාව ප්‍රබලව දැනට ලැබී ඇති නඩු තීන්දුව සඳහා බලපාලා තියෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරායා කළ යුතු තවත් ප්‍රධානම කාරණාවක් වන වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය නීතිගත කිරීම සිදු වෙලා නැහැ" යනුවෙනි.

සයිටම් ආයතනයේ අවම ප‍්‍රමිතිය රටට හෙළි විම වැළැක්විම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ක‍්‍රියා කරමින් සිටින බවයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සංගමයේ සාමාජික වෛද්‍ය හරිත අළුත්ගේ ද සඳහන් කළේ. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේ නඩුවෙම විත්තිකාරයෝ ටික එලියට ඇවිල්ලා වෛද්‍ය සභාවට තර්ජනය කරමින් ඉන්නවා. වෛද්‍ය සභාවේ ප්‍රමිතියක් නැහැ කියලා සෞඛ්‍ය ඇමතිවරයා ලැජ්ජනැතිව කියනවා." යනුවෙනි.