Saturday, December 21, 2024

General line - 0115112241

සයිටම් සඳහා සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමේ යෝජනාවක් !




සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම මාස 06කට අත්හිටුවන්නැයි යෝජනාවක් ඉදිරිපත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම්වන බවට වාර්තා වනවා. 

ඊයේ (13)පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳ  අවධානය යොමු වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ අතර සයිටම් විරෝධි සිය ක්‍රියාකාරකම්වලට තවදුරටත් ප්‍රහාර සහ තර්ජන එල්ල වෙමින් ඇතැයි පෞද්ගලික වෛද්‍ය විරෝධි මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය වෙනුවෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ ඇල්පිටිය රෝහලේ කාර්ය මණ්ඩලයට ඉකුත්දා කෙරුණු තර්ජනයක් ඊට උදාහරණයක් බවයි. 

ආයුධ සන්නද්ධව එවැනි පිරිසක් මෙම තර්ජනය සිදු කර ඇතැයි ඔහු පැවසුවා. 

ඇල්පිටිය රෝහලේදී සිදුවූ තර්ජනය කිරීම් පිළිබඳ  පැමිණිලි කර ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනින් අද (14)විමසා බැලෙන්නේද සයිටම් අර්බුදය පිළිබඳවයි. 

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන්ගේ නියෝජිතයන් ඊට සහභාගී වනවා. 

මෙම වැඩසටහන රාත්‍රී 7.30 සිට 9 දක්වා ප්‍රචාරය කිරීමට නියමිතයි.