නියම කර ඇති පාලන මිලට අළෙවි කිරීම සඳහා සහල් නොමැති බව සිල්ලර වෙළඳුන් පවසනවා.
නෙත් නිවුස් කළ විමසිමකදි ඔවුන් පෙන්වා දුන්නේ තොග ව්‍යාපාරිකයන්ගෙන් තමන්ට සහල් මිලට ගැනීමට සිදුව ඇත්තේද නියම කර ඇති පාලන මිලට වඩා වැඩි මිලකට බවයි.
එසේ තිබියදී තමන් පාලන මිලට සහල් අළෙවි කරන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරනවා.
බොහෝ ප්‍රදේශවල සහල් තවමත් අළෙවි කෙරෙන්නේ නියම කර ඇති පාලන මිලට වඩා වැඩි මිලකට බව නෙත් නිවුස් මිට පෙර කළ වෙළඳපොළ චාරිකාවකදී තහවුරු වුණා.
මේ අතර වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
නියම කර ඇති පාලන මිල ආනයනික මෙන්ම දේශිය සහල්වලටද අදාළ බවයි එහිදි අවධාරණය කෙරුණේ.