Saturday, December 21, 2024

General line - 0115112241

සසිකලා තීරණාත්මක පියවරක් ගනී




වී. කේ. සසිකලා වරදකාරිය කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පැය දෙකක් යන්නටත් පෙර  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. නියෝජිතයන් හමුවූ පක්ෂයේ මහ ලේකම් වී. කේ. සසිකලා පක්ෂ නායකත්වයට ඊ. කේ. පලනිසාමි පත්කරගෙන තිබෙනවා.

එමෙන්ම ඇයට එරෙහි වූ වැඩබලන මහ ඇමති  ඕ. පන්නීර්සෙල්වම් පක්ෂයෙන් නෙරපීමටද ඔවුන් යෝජනාවක් සම්මත කරගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් දඬුවම් නියමවීමෙන් පසු සසිකලා මෙහෙයවූ මෙම පත්කිරීම් නීත්‍යානුකූල වන්නේදැයි මෙතෙක් පැහැදිළි නැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වී.  කේ. සසිකලා අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නඩුවකින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14) වරදකාරිය කෙරුණා. ඒ අනුව ඇයට වසර 04ක සිර දඬුවමක්ද හිමිවනු ඇති. වසර 10ක කාලයක් දේශපාලනයේ නිරත වීමද ඇයට තහනම් වනු ඇති. 

මෙම නඩුව මුලිකව පවරා තිබුණේ තමිල්නාඩු හිටපු මහ ඇමතිණි ජයලලිතා ජයරාම්ට එරෙහිවයි. සිය පළමු ධුර කාලයේදී ඉන්දිය රුපියල් කෝටි 60ක වත්කම් අයථා ලෙස  උපයා ගැනීම ඇයට නගා තිබූ චෝදනාව වුණා. 

වී කේ සසිකලා චෝදනාවට ලක්ව  සිටියේ මෙම දුෂණ ක්‍රියා සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන්.