Sunday, December 22, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් පොරොන්දුවක්




ඉන්දියන් සාගරයේ ආර්ථීක හා මූල්‍ය කේන‍ද්‍රස්ථානයක් බවට පත්වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර ආර්ථීක, දේශපාලන හා සමාජීය සබදතා තව තවත් පුළුල් හා ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළඹීමටත් ඕස්ට්‍රේලියානු රජය කැපවන බවයි. 

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවට එක්වෙමින්. 

දෙරට අතර වසර 70 ක රාජතාන්ත්‍රික සබදතා සැමරීම නිමිත කර ගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරය සංවිධාන කෙරුණා.