ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු මත ගෙවනු ලබන සියයට 15 විශේෂ පොලී අනුපාතිකය සඳහා වන උපරිමය මාර්තු මස සිට ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක ලක්ෂ 10 සීමාව රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළ නංවන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 15 ක පොලි අනුපාත ගෙවනු ලබන උපරිම සීමාව ලක්ෂ 10 සිට 15 දක්වා ඉහළ දමන බවට යෝජනා කෙරුණේ 2017 අයවැය මගින්.