Sunday, December 22, 2024

General line - 0115112241

කොළඹ පාසල් ගැටුමෙන් බස් රථවලටත් හානි (PHOTOS)




කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් 2ක සිසුන් අතර මරදාන සහ බොරැල්ල යන ප‍්‍රදේශවලදී අද (15) දහවල් ඇති වූ ගැටුම්වලින් පසු සිසුන් 8 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි නවතම වාර්තා සඳහන් කළේ.

කොළඹ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් අතර අද (15) ඇති වූ ගැටුමෙන්  ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකටද හානි සිදුව තිබෙනවා.

සිද්ධියෙන් තවත් පුද්ගලික බස් රථයකට, වෑන් රථ දෙකකට සහ මෝටර් රථයකට ද අලාභ සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සිසුන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ. 

(එම ඡායාරූප පහතින් දැක්වෙයි)







 

------------------------------------------------------

කොළඹ පාසල් තුනක සිසුන් අතර ගැටුමක් - 06 ක් රෝහලේ 

(15-02-2017 15:12)

 

කොළඹ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

ඉන් තුවාල ලැබූ 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බොරැල්ල පොලිසිය මගින් එක් පාසලක සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙනවා.

මේ අතර කොළඹ තවත් ජනප්‍රිය පාසලක් තුළදී  ශිෂ්‍ය නායකයින් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. එහිදීද තුවාල ලැබූ තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පාසල තුළ විනය සම්බන්ධ සිද්ධියක් මීට හේතු වී තිබෙනවා.