Sunday, December 22, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයන් 06 කට ඩුබායි අධිකරණයෙන් දඬුවම්




ශ‍්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන එරට අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඔවුන් ඩුබායි හි නිවෙස් බිඳ  ස්වර්ණාභරණ සහ මුදල් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තියුණු අවි භාවිත කිරීම, පුද්ගල හා දේපළ හානි සිදුකිරීම යන චෝදනා මත එරට අධිකරණය ඔවුන් වරදකරුවන් කර තිබෙනවා.

රැකියා විරහිත පුද්ගලයින් වන මෙම ශ‍්‍රී ලාංකිකයින් පිරිස නිවසක තිබූ සෙප්පුවක් ද සොරකම් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.