රටට සේවය කිරීම සඳහා උගතුන් සහ බුද්ධිමතුන් නොබියව පෙරට පැමිණිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ කෑගලූ විද්‍යාලයේ අද (15) පැවති උත්සවයකදීයි.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ "අද උගත් ළමයි හිතන්නේ අලුත් රක්ෂාවක් හම්බ වුණාම ඒකට ගෙදර ඉඳන් යන්න තමයි. අඩුම වශයෙන් අල්ලපු දිස්ත්‍රික්කයේ සේවය කරන්නවත් රක්ෂාවකට යන්න කැමති නැහැ. එහෙත් සමාජයට සේවය කරන්නට නම් උගත් පරම්පරාව ගෙදරින් එළියට පැමිණිය යුතුයි. ගමෙන් එළියට පැමිණිය යුතුයි. සමාජයට විවෘත විය යුතුයි." යනුවෙනි.
කෑගලූ විද්‍යාලයේ 75වන සංවත්සරය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.