මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් නිසා රජයට රුපියල් මිලියන 6500 කට වැඩි අලාභයක් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඔවුන් ඒ බව පැවසුවේ යහපාලන ටොප් ටෙන් හෙළිදරව්ව සඳහා කොළඹ අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එහිදි සඳහන් කළේ "ලංකාවේ.. පාවිච්චි කළ වාහන කොටස් එකතු කරලා වාහන හදලා තියෙනවා නම් ඒ වාහනවලට දඩ මුදලක් අය කරලා ලියාපදිංචි කිරීමට අවස්ථාව දිය යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. රේගු ගණනය කිරීම්වලට අනුව එක් වාහනයක් කොටස් වශයෙන් ගෙනාවම සම්පූර්ණ වාහනයටම ගෙවිය යුත්තේ රුපියල් හය ලක්ෂ හැටඑක්දහස් දෙසිය හැටඅටක් පමණයි. නමුත් සම්පූර්ණ වාහනයක් හැටියට ගේද්දි පුංචි කාර් එකක් ගෙනාවත් තිස්පන් ලක්ෂ හැත්තෑපන් දහසක් බදු ගෙවන්න ඕනේ." යනුවෙනි.
යහපාලන ටොප් ටෙන් හෙළිදරව්ව යටතේ මුදල් අමාත්‍ය රවී කරුණානායකට මීට පෙර ද චෝදනා එල්ල වුණා. ඒ අනුව ටොප් ටෙන් ලයිස්තුවේ 08 වැනි හෙළිදරව්වත් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව සිදු කළා.