සයිටම් අර්බුදය සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද (15) පැවැත්වුණා.
ඒ, රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතරයි.
අමාත්‍ය රාජිත සේනාරත්න ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටියා. පීඨාධිපතිවරුන් එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් පිළිගත හැකි ප‍්‍රමිතීන් කඩිනමින් සකස් කළ යුතු බවයි.
ඒ සඳහා සති 2ක් ඇතුළත යෝජනා ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. එවැනි යෝජනාවලියක් තමන් වෙත ලැබුණු පසු ඒ පිළිබඳ සෙසු පාර්ශ්ව සමගද සාකච්ඡා කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි එම අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම පැවසුවේ.
මේ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ප‍්‍රමිතීන් කිසිවක් දැනට නීතිගත කර නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී කියා සිටියා. සයිටම් අර්බුදය මෙතරම් වර්ධනයවීමට ද එය හේතුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
සයිටම් ආයතනයට බොහෝ පිරිස් එරෙහි වුවද ඊට වඩා අඩු පහසුකම් සහිතව කොතලාවල වෛද්‍ය පීඨය තවදුරටත් පවත්වාගෙන යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඉකුත් ආණ්ඩුව සමයේ ආණ්ඩුවේ ද ආශිර්වාදයෙන් එම වෛද්‍ය පීඨය ආරම්භ වී ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.
එහිදී ඔහු සඳහන් කළේ "එදා කොතලාවල වෛද්‍ය පීඨයට ගියා වෛද්‍ය සභාව. ගිහිල්ලා වෛද්‍ය සංගමයේ සභාපතිතුමා ප්‍රකාශයක් කළා ඒකට විරුද්ධව. අනික් පැත්තට කෝල් එක ආවා ගෝඨාභය රාජපක්ෂගෙන්.. ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නේ..නැහැ නැහැ සර් එහෙම ප්‍රශ්නයක්ම නැහැ..පහුවෙනිදා ඔක්කොම හරි. එතකොට එක රෝගියෙක්වත් නැති තැන පුළුවන්..රෝගීන් 200 ක් ඉන්න තැන බැහැයි කියනවා." යනුවෙනි.
මේ අතර සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (15) පස්වරුවේ ද උද්ඝෝෂණයක නිරත වුණා.