Sunday, December 22, 2024

General line - 0115112241

ඇමති විග්නේෂ්වරන්ට යුරෝපා සංගමය උතුරේදි දුන් ප්‍රතිඥාව




එක්සත් ජාතීන්ගේ සංගමයත් යුරෝපා හවුලත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ප්‍රතිඥාවක් දී තිඛෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක උනා මැකෝලි සහ යුරෝපා සංගමයේ තානාපතිවරියක වන ටුලයි මාර්ග් උතුරේ සංචාරයක නිරත වෙමින් මෙම අදහස් පළ කළා. 

ඒ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමුවූ අවස්ථාවේදීයි. 

මෙරට වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව සහ උතුරු පළාත් සභාවේ කටයුතු පිළිබදව ද මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිඛෙනවා. 

නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලය ඛෙදාහැරෙන ක්‍රමයක අවශ්‍යතාවක් හා ඉන් උතුරු පළාත් සභාවට ලැඛෙන බලතල සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මේ පිළිබදව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ඉතා ප්‍රශස්ථ මට්ටමක පවතින බවද යුරෝපා හවුලේ තානාපතිවරිය මාධ්‍ය හමුවේ සඳහන් කළා.