රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අද ඇප මත මුදාහරුණා.
ඒ, කොළඹ මහාධිකරණයේ නියෝගයක් අනුවයි.
ඔහුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප තුනක් නියම කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර ඇති අතර සෑම මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි යුතු බවද මෙහිදී නියෝග කෙරුණා.