ලෙබනනයේ ගෘහ සේවයට ගොස් වසර 15ක් පුරා කිසිදු තොරතුරක් නොමැතිව සිටි කාන්තාව දිවයිනට ගෙන්වා ගැනීමට කඩිනමින් පියවර ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා. මහියංගණය හසලක හතේ ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි ඉනෝකා උදයංගනී නමැති එම කාන්තාව පිළිබඳ ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා පල වුණා.
ඒ අනුව අමාත්‍යවරිය ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදුන් උපදෙස් අනුව ඇය සොයා ගැනීමට හැකි වූ බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. එම කාන්තාව මේ වනවිට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.