Sunday, December 22, 2024

General line - 0115112241

ගැටළු විසඳනතුරු අධ්‍යාපනය කඩාකප්පල්කර නොගන්න - ජනපති




ගැටළු ඇත්නම් ඒවා විසඳන තුරු අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නැයි තමා සියලූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග අද පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට සියලූ දෙනාට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට මේ වනවිට අදාළ සියලූ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවයි. ගැටළුවට විසඳුම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි යෝජනා පිළිබ ද ශිෂ්‍ය සංගම් නියෝජිතයින් මෙහිදී ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලෙස කරුණු දැක්වූවා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ නිශ්චිත සහ පිළිගතහැකි පිළිතුරක් නොලද බවය.