පාසල් ආදි ශිෂ්‍යයින් සිය දරුවන් සම්බන්ධයෙන් මතුවන ප්රශ්නවලදී ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක පවසනවා. පාසලේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ දහවල් ඇති වූ ගැටුම පාදක කරගනිමින් ඔහු මෙම අදහස් පළ කළා.
විදුහල්පතිවරයා පවසන්නේ ඇතැම් මාධ්‍ය වලින් මෙම පුවත වරදි ලෙස ප්‍රචාරය කර තිබෙන බවයි. තම පාසල් ආදි ශිෂ්‍යයන් දෙදෙනෙකු සමඟ ගැටලුවක් මුල් කරගෙන පසුව ඵම සිසුවාව අප විද්‍යාලයෙන් අවවාද කර ඉවත් කළ පසුව ඔහුගේ පියා සමඟ පැමිණ එම ආදි ශිෂ්‍යයන් දෙදෙනාට පහර දී තිබෙන බවයි.
එම අවස්ථාවේදි පියා බීමත්ව සිට බවයි විදුහල්පතිවරයා පවසන්නේ. මෙම පහරදීම සිදුවී තිබෙන්නේ විද්‍යාලයේ ප්‍රදර්ශණ කුටියක් තුළය.මෙම සිද්දිය සම්බන්ධයෙන් විනය පරික්ෂණයක්ද ඉදිරි දිනයකදි සිදුකරන බවත් ප්‍රකාශ කර සිටියා.
බොරැල්ල පොලිසිය මගින් එම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ලංගම බස් රථ දෙකකට සහ වෑන් රථයකට අලාභ හානි සිදු කිරීමේ චෝදනා මතයි. සැකකාර සිසුන් සිදු කළ පහරදීමෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය අධිකරණය හමුුවේ කියා සිටියා. කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ සැකකාර සිසුන් පස් දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසයි.