Sunday, December 22, 2024

General line - 0115112241

රවීගෙන් උදයට නඩු




රේගු දෙපාර්තමේන්තුවට මිලියන 6500ක් අහිමි කළ බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල තමන්ට එල්ල කළ චෝදනාවලට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (16) පැවසුවා.

මෙරට තුළ වාහන එකලස් කිරීමට අදාළව පසුගිය අයවැයෙන් පනවා ඇති දඩයක් හේතුවෙන් මෙම අලාභය සිදුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.