වගා හානි වූ ගොවීන් සඳහා ආණ්ඩුව යෝජනා කරන මසකට රුපියල් දස දහසක් වූ දීමනාව ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ අක්කරයකට රුපියල් පනස් දහස බැගින් වන්දියක් ද ගොවීන්ට ලබාදිය යුතු බවයි.
දීමනා හෝ වන්දි ලබාදීමේ දී ගොවීන්ට කොන්දේසි පැනවීමක් නොකළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
තමන් ඉල්ලා සිටින මෙම වන්දිය ගොවීන්ට ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුළියට ලබාගෙන ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල සඳහා කරන අනවශ්‍ය වියදම පමණක් ප්‍රමාණවත් වන බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.