Monday, November 4, 2024

General line - 0115112241

ඉදිකිරීම් අනුමත කරගැනීම් අන්තර්ජාලයෙන්




කොළඹ නගරයේ පමණක් නීති විරෝධි ඉදිකිරීම් දස දහසකට අධික ප‍්‍රමාණයක් තිබෙන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෝට්ටේ අංගම්පිටිය නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (18) පස්වරුවේ එක්වෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ "බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා වූ ප්‍රදේශයේ අපි සංගණනයක් කළා. ඒකෙදි විතරක් අනවසර ඉදිකිරීම් 1800 ක් පිළිබඳව අනාවරණය වුණා. ඉදිරියේදී ඉදිකිරීම් අනුමත කරගැනීම් නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරි මාස තුනේදී නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. එතකොට ඕනම කෙනෙකුට පරිගණකය හරහා අන්තර්ජාලය ඔස්සේ නාගරික සංවර්ධන අධිකාරියට මෙම අයදුම් පත්‍ර යොමු කළ හැකියි. එතකොට අක්‍රමිකතා විශාල සංඛ්‍යාවක් නවතා ගත හැකි වනවා." යනුවෙනි.