Monday, May 6, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනට කන්තලේ අග‍්‍රබෝධි ජාතික පාසලේදී පැවැත්වේ - දරු දැරියන්ගේ, මව්පියන්ගේ නෙත් කදුලින් තෙත් වෙයි (PHOTOS)




නෙත් නිවුස් සංවිධාන කරන "යූ ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 15 වැන්න අද (10) ආරම්භ වුණා.

ඒ කන්තලේ, අග්‍රබෝධි ජාතික පාසලේදී.

සමාරම්භක උත්සවය පැවැත්වුණේ විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ගාමිණි බණ්ඩාර, ලක්ප්‍රිය බණ්ඩාර සහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. 

දරු දැරියන්ගේ සහ මව්පියන්ගේ සහභාගීත්වයෙන් මා පිය ගුණ වන්දනාවක් මේ වනවිට පැවැත්වෙනවා.

මෙය මෙහෙයවනු ලබන්නේ මාවනැල්ල, අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින්.

නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ පළමු අංගය වූ මා පිය ගුණ වන්දනාව දරු දැරියන් හා මව්පියන් ඉතා සංවේදී වූ අවස්ථාවක් වුණා. 

ඇතැම් දරු දැරියන්ගේ, මව්වරුන්ගේ සහ පියවරුන්ගේ නෙත් කදුලින්ද තෙත් වුණා.

මා පිය ගුණ වන්දනාව මෙහෙයවනු ලැබුවේ මාවනැල්ල, අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින්.

මෙහි ඡායාරූප පහතින් බලන්න.