සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැර ගෙන සිටින නැවේ මෙහෙයුම් සිදුකළ ශී්ර ලාංකිකයන් මුදවා ගැනීමට තමන්ට හැකියාවක් ඇති බව ඇවන්ගාර්ඞ් මැරිටයිම් සමාගමේ ප්රධානී නිශ්ශංක සේනාධිපති පවසනවා.
ඇවන්ගාර්ඞ් සමාගමේ කටයුතුවලට බාධා එල්ලවීමත් සමග සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ කි්රයාකාරකම් යළි වර්ධනය වු බවයි ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියේ.
එහිදී ඔහු සඳහන් කළේ "සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සමග අපි ගැටුම් 38 ක් ඇති කරගෙන තියෙනවා. වෙඩි හුවමාරු රැසක් ඒ අතර සිදු වුණා. අපි සිදු කළ මෙහෙයුම් දෙකකින් ඔවුන් සම්පූර්ණයෙන්ම අඩාල වුණා. අපි 750 ක් මුහුදේ ස්ථානගත කරලා තිබ්බා මේ කොල්ලකරුවන්ට මුහුණ දෙන්න. එදා ලෝකයේ ගොඩක් නැව් ඉල්ලුවේ ඇවන්ගාර්ඞ් මැරිටයිම් සමාගමේ සේවය. එහෙත් පසුගිය කාලයේ අපේ සමාගම නීති විරෝධී කියලා බොරු ප්රචාර ගියාට පස්සේ අපේ සමාගමේ සේවා විශාල වශයෙන් කඩාගෙන වැටුනා." යනුවෙනි.
කෙසේවෙතත් පැහැරගෙන ගොස් සිටින ශ්රී ලාංකිකයින් බේරා ගැනීම සඳහා රජය සිය සමාගමෙන් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළොත් ඊට අදාළ කි්රයාමාර්ග ගැනීමට තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. එම ක්රියාවලිය ලිඛිත ඉල්ලීමක් මත සිදු නොකළහොත් ඉදිරියේදී සිය සමාගමට තවත් චෝදනා එල්ලවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
වර්තමානයේ ඇවන්ගාර්ඞ් සමාගමේ කටයුතු භාරව සිටින ශී්ර ලංකා නාවික හමුදාවට හෝ ලෝකයේ වෙනත් රටක නාවික හමුදාවකට වුවද සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින පිරිස් මුදාගත නොහැකි බව නිශ්ශංක සේනාධිපති වැඩිදුරටත් සදහන් කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහ ප්රායෝගික අත්දැකීම් ඇත්තේ සම සමාගමට පමණක් බවයි.