Saturday, April 27, 2024

General line - 0115112241

ආරක්ෂක අංශ සාමාජිකයන් හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක්




මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ඇති ඒරිස් 13 නෞකාව ආසන්නයට ගොස් ඇති සෝමාලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදු වී තිබෙනවා. 

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ කොල්ලකරුවන්ට අවශ්‍ය කිසියම් උපකරණ තොගයක් රැගෙන ගිය බෝට්ටුවක ගමන වැළැක්වීම සඳහා සෝමාලියානු ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි.

එම අවස්ථාවේදී මෙම වෙඩි හුවමාරුව සිදු වී තිබෙනවා. 

නෞකාව පැහැරගත් කොල්ලකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මෙම වෙඩි හුවමාරුවෙන් සෝමාලියානු ආරක්ෂක අංශ සාමාජිකයෙකු මිය ගොස් ඇති බවයි. 

කෙසේ වෙතත් සෝමාලියානු ආරක්ෂක අංශ එම ප‍්‍රවෘත්තිය ප‍්‍රතික්ෂේප කරනවා.