Monday, April 29, 2024

General line - 0115112241

කොල්ලකරුවන්ගෙන් මිදුනු ශී‍්‍ර ලාංකික නැවියන් දැඩි රැකවල් මැද බොසාසෝ වරායට




මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගැණුනු ශී‍්‍ර ලාංකික නැවියන් අට දෙනා සහිත නෞකාව මේ වනවිට දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත ළඟාව තිබෙනවා.

මුහුදු කොල්ලකරුවන් ග‍්‍රහණයේ තිබු නෞකාව ඊයේ පස්වරුවේ මුදාහැර තිබුණා.  ඒ සම්බන්ධයෙන් රජය මැදිහත්වීම පිළිබද ස්තුතිවන්ත වන බවයි නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවිර අද උදෑසන සදහන් කළේ.

මේ අතර නෞකාව මුදාහැරීම සහ ඒ සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබද කරුණු දැක්වීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සහ නාවික හමුදා ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන්. එහිදී ‘‘ඒරිස් 13‘‘ නෞකාව මුදා ගැනීම සඳහා සහය දුන් පාර්ශවයන්ට ස්තුතිය පළ කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අමෙරිකානු රජයට සහ සෝමාලියාවේ ස්වයං පාලන කලාපයක් වන පුට්ලෑන්ඞ්හි ජනාධිපතිවරයා ඇතුළු රජයට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තුතිය පළ කරන බවයි. මෙම නෞකාව කප්පම් ගෙවීමකින් තොරව මුදා ගැනීමට හැකි වූ අතර එහි සේවය කළ ශ‍්‍රී ලාංකික නැවියන් ඇතුළු පිරිස මේ වන විට සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත ගමන් කරමින් සිටිනවා.