දළුගම මූණමල්ගහවත්ත ප්රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක නිරත වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කැළණිය පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් අද උදෑසන සිදු කළ වැටලීමකදීයි.
අදාළ ස්ථානයේ තිබි නීති විරෝධී මත්පැන් බෝතල් 150ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගැණුනා.
මෙලෙස අත්අඩංගුවට ගැණුනු සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 62 සහ 61 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.