Thursday, April 25, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ රහස් ඇතුළත් පරිගණකයක් අතුරුදන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ රහස්‍ය තොරතුරු ඇතුළත් පරිගණකයක් අතුරුදන්ව තිබෙනවා. 

ඒ, නිව්යෝර්ක් නුවරදීයි. රහස් ඔත්තු සේවා නියෝජිතයෙකුගේ මෝටර් රථය තුළ තිබියදී එම ලැප්ටොප් පරිගණකය කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ. 

එම පරිගණකය සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා අමෙරිකානු ආරක්‍ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

අමෙරිකානු ජනාධිපතිවරයාට අයත් ට‍්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ මූලික සැලසුම, හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් මතුවු ගැටලූවට අදාළ පරීක්‍ෂණවල තොරතුරු සහ රාජතාන්ති‍්‍රක තොරතුරු එහි ඇතුළත්ව තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.