Friday, May 17, 2024

General line - 0115112241

ඇල්ල රක්ෂිතයක ගින්නක් – අක්කර 30ක් වැනසෙයි




බදුල්ල – ඇල්ල බල්ලකෙටුව ප‍්‍රදේශයේ රක්ෂිත භූමියක අද (17) පස්වරුවේ ගින්නක් හටගත්තා.

නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ කළේ මේ වන විට ගින්නෙන් අක්කර 30ක් පමණ විනාශ වී ඇති බවයි. ගින්න හටගෙන ඇත්තේ මිනිස් වාසයෙන් තොර ප‍්‍රදේශයකයි.

ඉකුත් සතියක පමණ කාලය තුළ ද ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කැලෑ ගිනි තැබීම් රැසක් වාර්තා වුණා. ඉන් විනාශ වී ඇති භූමි ප‍්‍රමාණය අක්කර 700කට ආසන්න බවයි පැවසෙන්නේ.