Saturday, September 21, 2024

General line - 0115112241

අගමැතිට ජපානයේදී උණුසුම් පිළිගැනීමක් - රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු හෙට සිට




ජපාන නිල සංචාරය ආරම්භ කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස එරට වේලාවෙන් පස්වරු 5 යි 30 ට පමණ ‘‘නරීතා’’ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජපානයට ළඟා වුණා.  

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිලිගනු ලැබූයේ ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමි විසින්. 

එම අවස්ථාවට ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක සහ ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිච් සුගනුමා ඇතුළු පිරිස ද එක්ව සිටියා. 

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරයේ කටයුතු හෙට ආරම්භ වනවා.