Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍ය නිලධාරීන්ට සංයමයක් නොමැති බව රාජිත කියයි




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් නායකයින්ට සංයමයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසර තුනකින් ආණ්ඩුව පෙරලා දමන බවට ඔවුන් ප‍්‍රකාශ කරන බවයි. 

එහෙත් රජය පෙරලා දැමීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති හෙද හෙදියන්ගේ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලූ වෘත්තීය සමිති වැඩවර්ජන පැවැත්වීමට දැඩි කැමැත්තක් දක්වනවා. 

ඔවුන් ඒ හරහා මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට උත්සහ දරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

රජය මානව දයාවෙන් යුතුව ගැටළුවලට විසදුම් ලබා දීමට උත්සහ දරනවා. 

එහෙත් වෘත්තීය සමිති එවැනි තත්ත්වයක සිට කටයුතු නොකරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී අවධාරණය කළේ.