Saturday, September 21, 2024

General line - 0115112241

ගෙවී ගිය මාස දෙකට රිය අනතුරු වලින් 250ක් මරැට




වසරේ ගෙවී ගිය මාස දෙක තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙසිය පනස් දෙනෙකු පමණ මියගොස් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. 

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පැවසුවේ අධික වේගය, බීමත්ව රිය පැදවීම සහ නින්දයාම හේතුවෙන් අනතුරු බොහෝමයක් සිදුව ඇති බවයි. 

බර වාහනවල තිරිංග පද්ධතිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් ද අනතුරු රැසක් සිදුව ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
 
කෙසේ වෙතත් රිය අනතුරු සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ද අවධානය යොමුව ඇති බවයි වෛද්‍ය සිසිර කෝදාගොඩ වැඩිදුරටත් කියා සිටියේ.