Saturday, September 21, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ වාහනවලට එස්.ටී.එෆ් රැකවල්




උත්සව සමයේ අධිවේගී මාර්ගයේ ධාවනය වන රථවාහනවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා. 

අධිවේගී මාර්ග නඩත්තු ,මෙහෙයුම් හා කලමණාකරණ අධ්‍යක්ෂ එස්  ඕපනායක සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ධාවනය කිරීමට පෙර තම රථයේ තාක්ෂණික තත්ත්ව පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට කිසියම් පණිවුඩයක් ලබා දීමට අවශ්‍ය වන්නේ නම් මාර්ගය දෙපස ඇති විද්්‍යුත් පුවරු ඒ සඳහා යොදා ගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණු.