Saturday, September 21, 2024

General line - 0115112241

නෙත් සුරුවිරු පැංචන්ගේ බක්මහ උළෙලට වදුරඹ සූදානම්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන සුරුවිරු පැංචන්ගේ බක් මහ සැණකෙළිය ගාල්ල වදුරඹ මධ්‍යම මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

නෙත් එෆ් එම් සුරු විරු පැංචන්ගේ බක්මහ සැණකෙලිය මෙවර සංවිධාන කෙරෙන්නේ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද දායකත්වය ඇතිවයි.

එමෙන්ම වජිර අබේවර්ධන පදනම ද නෙත් එෆ් එම් සමග අත්වැල් බැදගෙන සිටිනවා.

රටේ අනාගත පරපුරට යහපත් දේ දායාද කිරීමේ අරමුණින් නෙත් එෆ් එම් සුරුවිරු පැංචන්ගේ බක්මහ සැණකෙලිය සංවිධාන කළ බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ.