Saturday, May 4, 2024

General line - 0115112241

ප‍්‍රදේශ රැසකට පස්වරුවේ වැසි




ඉදිරි දිනවලදී පස්වරු 02න් පසු බොහෝ ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, මධ්‍යම, උතුරුමැද , ඌව සහ නැගෙනහිර පළාත්වලට ද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවි හැකි බව සඳහන්.
 
මේ අතර ලබන 15 වැනි දින දක්වා ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත අක්ෂාංශවලට සූර්යා ඝෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 

අද දහවල් 12.11 ට කල්පිටිය, කළා - ඔය, තලාව, තිරප්පනේ සහ කදිරවේල් ප‍්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.