Saturday, May 4, 2024

General line - 0115112241

මාර්තු මාසයේ දී සංචාරකයින්ට ලංකාව එපා කරවපු හේතුව




වසංගත රෝග අවධානමක් පැවතීම හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බව සංචාරක සංවර්ධන අමාත්‍යංශය පවසනවා. 

එහි මහජන සබඳතා අංශයේ අධ්‍යක්ෂ දුෂාන් වික‍්‍රමසූරිය සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපලේ සිදු කෙරුණු ප‍්‍රතිසංස්කරණ කටයුතු ද ඊට බලපෑ බවයි.

ඉකුත් මාර්තු මාසයේදී මෙරට සංචාරකයින්ගේ පැමිණීම සියයට දෙකයි දශම පහකින් අඩුවී තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් දුෂාන් වික‍්‍රමසූරිය මේ බව සඳහන් කළා.

ඉකුත් වසරේ මාර්තු මාසයේ දී විදේශීය සංචාරකයින් එක්ලක්ෂ අනූ දෙදහස් අටසිය හතලිස් එකක් දිවයිනට පැමිණ තිබෙනවා. 

එය මෙම වසරේ මාර්තු මාසයේදී එක් ලක්ෂ අසූ අට දහස් හැත්තෑ හය දක්වා පහත බැස ඇති බවයි ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ. 

මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් ප‍්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. 

එය අසූ හතර දහස් පන්සිය හැට අටක් වනවා. 

චීනයෙන් සංචාරකයින් හැත්තෑ නව දහස් දෙසිය විසි දෙනෙකු පැමිණ ඇති අතර එක්සත රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයින් ගණන පනස් නව දහස් එකසිය විසි හතක්.